(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල හා අවට නගරවල හෙරොයින් මත්කුඩු අලෙවි කරන පුද්ගලයන් 14 දෙනෙකු රුපියල් ලක්ෂ තුනකට වැඩි වටිනාකමකින් යුත් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
මත්කුඩුවලින් තොර දඹුල්ලක් ඇති කිරීම සඳහා දඹුල්ල පොලීසිය සිවිල් සංවිධාන නියෝජිතයෝ එක්ව ආරම්භ කර ඇති විශේෂ සෝදිසි මෙහෙයුම් වලදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම වැටලීමේදී බස් රථ වලින් කප්පම් ගන්නා නමගිය අයකු ද පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට පත් පිරිස දඹුල්ල, සේරුගස්යාය, කැකිරාව , මඩාටුගම පදිංචි කරුවෝ වෙති.
ඔවුන් සන්තකයේ තිබී ඊසි කෑෂ් ක්‍රමයට කුඩු පැකට් අලෙවි කරන ජංගම දුරකථන කිහිපයක් පොලිස් බාරයට ගෙන තිබේ.
විශාල මිල ගණන් දී මත්කුඩු මිලදී ගෙන සඟවා ගෙන සිටි දඹුල්ල 50 දෙනෙකු ඉකුත් සතියේ අත්අඩංගුවට ගෙන මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇති තරුණියන් වයස අවුරුදු 22 සිට වයස අවුරුදු 32 දක්වා වූ විවාහක හා අවිවාහක පිරිසක් වෙති.
2025 දෙසැම්බර් මස 04
456
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
414
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මත්කුඩු සමඟ 14 ක් අත්අඩංගුවට