(යක්කලමුල්ල විශේෂ ජේ.කේ.එල් චාමින්ද)
මත්කුඩු මිලිග්‍රැම් 40ක් සමග බන්ධනාගාර නියාමකවරයෙකු අද (01) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බැව් අක්මිමන පොලිසිය පවසයි.
මොහු කුරුන්දකන්ද ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් පොලිසිය කියයි. මොහු සති අන්තයේ දි මෙකි ජවාරම කරගෙන ගොස් ඇති බවද පොලිසිය කියයි. සතියකට වරක් කොළඹ නගරයෙන් හෙරෙයින් මත්කුඩු ග්‍රැම් 12 බැගින් ගෙනවිත් සති අන්තයේදි මත්කුඩු ජාවාරම කොට යලි රැකියාව සදහා පිටත්ව යන බව පරික්ෂණවලදි අනාවරණය වි ඇත.
සැකකාර බන්ධනාගාර නියාමකවරයා හෙට (02) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත. අක්මිමන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිශාන්ත ද සිල්වා, පො.කො 53817ඉන්දික පො.කො 79354 සුරංග, 70299 ලක්මාල් යන නිලධාරින් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd