
(සිතුම් චතුරංග)
මන්නාරම, මඩු දේවස්ථානය ආසන්න භූමියේ තිබී මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(21) සොයාගත් බව මඩු පොලිසිය කියයි.
මන්නාරම රාජ්‍ය බුද්ධි නිලධාරීන් වෙත ලැබුණු තොරතුරකට අනුව මඩු පොලිස් ස්ථානයේ නිලධාරීන් කළ සෝදිසියකදී පුපුරණ ද්‍රව්‍ය තොගය හමු වී තිබේ.
සොයාගත් පුපුරණ ද්‍රව්‍ය අතර ආර්.පී.ජී උණ්ඩ දෙකක්, මිලිමීටර 81 වර්ගයේ මෝටාර් උණ්ඩයක් හා මිලිමීටර 60 වර්ගයේ මෝටාර් උණ්ඩ 4ක් සොයාගත් බව පොලිසිය පැවසීය.
පසුගිය යුද සමයේ ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කිරීම සඳහා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් රැගෙනවිත් සඟවා තැබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් බව සැකපළ කරන බව පොලිසිය කීය.
මේ සම්බන්ධයෙන් මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෝටාර් උණ්ඩ නිශ්ක්‍රීය කිරීමට නියමිතය. මඩු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd