IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


‍මෝටර් රථයක් ත්‍රි රෝද රථයක ගැටී පහක් රෝහලේ

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
කොට්ටුකච්ච්ය ගල්කුලම ප්‍රදේශයේ අද(26) ත්‍රි රෝද රථයක්, මෝටර් රථයක ගැටී වූ අනතුරින් පස්දෙනෙකු තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කළ බව පුත්තලම පොලිසිය  පවසයි.
 
අනතුරින් තුවාල ලබා ඇත්තේ කල්පිටිය නොරෝච්චෝල පදිංචි පිරිසකි.
 
මෝටර් රථය කල්අඩිය විද්‍යාලයේ විදුහල්පතිවරයා පදවා ඇති බවත්, පාසල නිමවී ආණමඩුව සිට පුත්තලම දක්වා ගමන් කරමින් සිටියදී වාහන දෙක ගැටී ඇති බව කියයි.
 
අනතුරින් ත්‍රි රෝද රථයේ රියදුරා බරපතල තුවාල ලබා සිටි බවත් එහි ගමන් කළ කාන්තාවන් තිදෙනෙකු සහ කුඩා දරුවකුද තුවාල ලබා ඇති බවත් පොලිසිය කියයි.
 
අනතුරින් ත්‍රි රෝද රථයට හා මෝටර් රථයට දැඩි හානි සිදුව ඇත.
 
අනතුර සම්බන්ධයෙන් පුත්තලම මූලස්ථාන පොලිසියේ රථවාහන අංශයේ පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

‍මෝටර් රථයක් ත්‍රි රෝද රථයක ගැටී පහක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 45 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 714 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site