(ඩී.කේ.රත්න)
වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගයේ කුඩාඔය 295 කිලෝමීටර් කණුව අසලදී මෝටර් රථයක ගැටී කුඩා දැරියක් අද (14) එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කුඩාඔය පොලිසිය පැවසීය.
හල්මිල්ලවැව 36 කණුව ඌව කුඩාඔය පදිංචි වෙනුරි ප්‍රාර්ථනා නැමති වයස අවුරුදු පහක දැරියක් මෙම අනතුරින් ස මියගොස් තිබේ.
මෙම දැරිය වැල්ලවාය තණමල්විල මාර්ගයේ කුඩාඔය ප්‍රදේශයෙන් මාර්ගය හරහා මාරුවීමේදී මෙම මෝටර් රථයේ ගැටී ඇතැයි පොලිසිය කියයි.
මෙම අනතුරට සම්බන්ධ තණමල්විල කිතුල්කොටේ වලස්කන්ද ප්‍රදේශයේ පදිංචි මෝටර් රථයේ රියදුරු කුඩාඔය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd