IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මීගහකිවුල දිග්ගල-පොල්ගහඅරාව කඳුවැටි අතර ගින්නක්

(නිශාන්ත කුමාර )
 
මීගහකිවුල  පොල්ගහඅරාව ගම්මානයට ඉහළින් පිහිටි දිග්ගල හා පොල්ගහඅරාව කඳුවැටි අතර ප්‍රදේශයේ මේ වන විට විශාල ගින්නක් පැතිර යමින් පවතින බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක ඊ. එම්. එල්. උදය කුමාර මහතා පැවසීය.

කිසියම්  පිරිසක් අද (01) පස්වරුවේ මෙම ගින්න තබන්නට ඇතැයි  ජනතාව පවසති.

මීගහකිවුල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්  කළුගහකඳුර හා පොල්ගහඅරාව ග්‍රාම  සේවා වසම් දෙකට මායිම්ව  පිහිටි කඳුවැටියේ මීටර් 50 කට වඩා පලලින් යුතු ප්‍රදේශයක් පුරා ගින්න පැතිර යන ආකාරය ඈතට දර්ශනය වන බවද ප්‍රදේශවාසීහු පවසති.
 
 මීගහකිවුල ප්‍රාදේශීය ලේකම්වරිය, කන්දකැටිය පොලිස් ස්ථානාධිපති මෙන්ම වන  සංරක්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන්ද   ගින්න  පැතිර යාම සම්බන්ධයෙන් දැනුවත්ව ඇති අතර  ගින්න මැඩ පැවැත්වී සදහා කණ්ඩායමක් කදුවැටිය ප්‍රදේශය වෙත පිටත්ව ගොස් ඇති බවද සහකාර අධ්‍යක්ෂකවරයා පැවැසීය.



අදහස් (0)

මීගහකිවුල දිග්ගල-පොල්ගහඅරාව කඳුවැටි අතර ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site