IMG-LOGO

2025 දෙසැම්බර් මස 06 වන සෙනසුරාදා


මුඛ-කුර රෝග නිසා මාතලේ කිරි ගවයින් විකිණීම ඇතුළු සියලු කටයුතු හෙට සිට තහනම්

(  කාංචන කුමාර ආරියදාස)

මේ දිනවල  කිරි හරකුන්ට ව්‍යාප්තව ඇති  කුර හා මුඛ රෝගය හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කයේ කිරි ගවයන් ප්‍රවාහනය කිරීම, අලෙවි කිරීම, මස් කඩවලට අලෙවි කිරීම, කෘතිම සිංචනය කිරීම ආදී සියලු කටයුතු නතර කර දමන ලෙස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පශු  වෛද්‍ය නිලධාරීන්ට  අද  (23) දින  උපදෙස් දී තිබේ.

 

හෙට(24)  සිට වහාම ක්‍රියාත්මක වන පරිදි මෙය ක්‍රියාත්මකය.

 

මාතලේ දිස්ත්‍රික්කයේ  බොහෝ ප්‍රදේශවල කිරි ගවයන්ට කුර මුඛ සහ තන බුරුලු වලට රෝගයක් හට ගැනීමත් සමඟ කිරි ගොවීන් අපහසුතාවයට පත්ව ඇති බව පසුගියදා ජනමාධ්‍ය මඟින් හෙළිදරව් කෙරිණි.


ඒ අනුව අමාත්‍යවරයාගේ කඩිනම් අවධානය මේ පිළිබඳව යොමුව තිබේ.


විෂයභාර අමාත්‍ය පී. හැරිසන් මහතා අද(23) දින කියා සිටියේ සතුන්ගේ පැතිර යන මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා  වෛද්‍ය කණ්ඩායම් තුනක් ගලේවෙල, දඹුල්ල, මාතලේ දේවහුව ආදී ප්‍රදේශවල යොදවා තිබෙන බවත් එම සතුන්ට නොමිලේ එන්නත් කිරීම සහ මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් සපයන ලෙසට උපදෙස් ලබාදී තිබෙන බවය.


ගලේවෙල, දඬුබැඳිරුප්ප ප්‍රදේශයේ විශාල වසයෙන් මුඛ රෝගය සහ කුර රෝගය ව්‍යාප්ත වෙමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


අනිකුත්   ප්‍රදේශවලට මෙම රෝග තත්ත්වය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මාතලේ දිස්ත්‍රික්කයේ වහාම ක්‍රියාත්මක වන පරිදි මෙම තීන්දු තීරණ ලබාගත් බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


එම ප්‍රදේශයේ  කිරි ගවයන්ට වැළඳී ඇති මෙම රෝගය මාධ්‍යවේදීන්ට පෙන්වා දුන් ගොවීහු කියා සිටියේ මේ හේතුව නිසා කිරි කර්මාන්තය තම ප්‍රදේශයේ බරපතළ අර්බුදයකට මුහුණ පා තිබෙන බවය.


 කිරි ගවයන්ගේ දිවෙහි තුවාල සිදුවීම නිසා  ආහාර  නොගනිමින් සිටින බවද  පසුව එම තුවාල ක්‍රමක්‍රමයෙන් ගවයාගේ කුරවලට බෝවී නැවත කිරි බුරුළු දක්වා ව්‍යාප්ත වී යන බවද ඔවුහු පෙන්වා දුන්හ.


ලොකු කුඩා සියලුම සතුන්ට සීඝ්‍රයෙන් මෙම රෝගය බෝවී තිබෙන ආකාරය ද තම ප්‍රදේශයේ සිටින බටු ගවයින්ට මේ රෝගය වැළදෙන තත්වයක් දකින බව ගොවීහු කියති.
 
රජයේ පශු  වෛද්‍ය නිලධාරීන් පැමිණ එක සතෙකුට ප්‍රතිකාර කිරීම සඳහා රුපියල් 800 ක, 900 ක  මුදලක් අය කරන බවත් එතරම් මුදලක් ලබා දී විශාල ගවයින් ප්‍රමාණයකට  ප්‍රතිකාර කිරීමට නොහැකි තත්වයක පසුවන බව ගොවීහු මෙම මාධ්‍ය හමුවේ දී අවධාරණය කළහ.


කිරි ලීටර් 30ක් ලබාගත් ගොවිපලවල්වල කිරි ලීටර් 3 දක්වා සතුන්ගේ කිරි අඩු වීම සුවිශේෂී කරුණක් බව ඔවුහු මෙම මාධ්‍ය හමුවේ දී පෙන්වා දුන්හ. එමෙන්ම කුර මුඛ රෝගය වැළඳුනු සතුන් එක සතෙකුගේ මිල රුපියල් ලක්ෂ එකහමාරක්, රුපියල් ලක්ෂ දෙකක් අතර ප්‍රමාණයක් වන බව පෙන්වාදෙන කිරිගොවීහු රෝගය වැළඳුනු සතුන් මස් පිණිස එක සතෙකු රුපියල් 50,000 මුදලකට    මස් කඩ හිමිකරුවන් මිලදී ගැනීමට පැමිණෙන බව ද  කීහ.



අදහස් (0)

මුඛ-කුර රෝග නිසා මාතලේ කිරි ගවයින් විකිණීම ඇතුළු සියලු කටයුතු හෙට සිට තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 171 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 369 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 379 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site