බලපිටිය මහ කප්පින්න වලව්ව ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විශ්ව විදයාලයෙහි ශිෂ්‍ය භික්ෂුන් වහන්‍සේලා සදහා භික්ෂූ නේවාසිකාගාරයක් වෙනුවෙන් මුල්ගල් තැබීම පසුගියදා 14 දා සිදුවීය.
ඒ සදහා මහා සංඝරත්නයේ මූලිකත්වය ලැබී තිබුනු අතර මුල්ගල් තැබීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ඇමැති ගයන්ත කරුණාතිලක මහතාය. මහා සංඝරත්නයේ පිරිත් සජ්ජායනාව මධ්‍යයේ එය සිදුවූහ. මෙම ශ්‍රී ලංකා ප්‍රාචීන භික්ෂූ විශ්ව විදයාලය මගින් වසර 03ක කාලයක් නේවාසිකව සිට පාඨමාලා හැදෑරීම මගින් භික්ෂූන් වහන්‍සේලා වෙත රාජකීය පණ්ඩිත උපාධිය, ත්‍රිපිටකය හදාරා ත්‍රිපිටකාචාර්ය ගෞරව උපාධිය, ස්වාධීන පර්‍යේෂණ නිබන්ධන මගින් ප්‍රවචන විශාරද ගෞරව උපාධිය, සියක් ධර්ම දේශනා අභ්‍යාස පාඨමාලාව මගින් ධර්ම දේශනා 100ක් ප්‍රායෝගිකව පවත්වන ස්ථානයකි.
මෙම භික්ෂූ විශ්ව විදයාලයෙහි මහෝපාද්‍ය අමරපුර සිරි සද්ධම්ම වංශ මහා නිකායේ සම ලේඛකාධිකාරී රුහුණු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය දර්ශනපති බලපිටියේ සිරි සීවලී හිමි , ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති දොඩම්පහළ චන්ද්‍රසිරි මහා නිහිමියන් ඊට අනුශාසකත්වය ලබාදුන්හ.
2025 දෙසැම්බර් මස 18
496
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
භික්ෂු නේවාසිකාගාරයට ගයන්ත අතින් මුල්ගල