බහරේන්හි රෆා නගරයේ පවත්වාගෙන යන " අපේ පන්සල" බෞද්ධ මධ්‍යස්ථානය මෙවරත් පොසොන් පිංකම උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීය.
සැදැහැවත් බෞද්ධයෙකු වන සුමිත් ගුණසේකර විසින් 2009 වසරේදී ආරම්භ කළ මෙම ආගමික ස්ථානය එම ප්‍රදේශයේ ස්ථාපිත කළ ප්‍රථම බෞද්ධ මධ්‍යස්ථානය වන බව මේ සුදේශ් කරුණාතිලක පැවසිය.
වීවිධ දුෂ්කරතා මැද්දේ පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් සෑම වසරකම වෙසක් සහ පොසොන් පින්කම් මෙන්ම අනෙකුත් ශ්‍රී ලාංකික සංස්කෘතික උත්සව බොහෝ කලක සිට බහරේන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයින්ගේ සහභාගිත්වයෙන් උත්කර්ෂවත් අන්දමට පවත්වනු ලබයි.
මෙම මධ්‍යස්ථානය සැබවින්ම ශ්‍රී ලංකාවේ විහාරස්ථානයක දැකිය හැකි බොහෝ අංගෝපාංගයන්ගෙන් සමන්විතවෙයි. එහි මනරම් බුදු මැඳුරක් ඇත. ශ්‍රී ලංකාවෙන් වැඩම කරවන ලද බෝධීන් වහන්සේ නමක් වැඩ හිඳී. ඉඩ සහ අවසර ලැබෙන ප්‍රමාණයට නිර්මාණය කළ වෙහෙර වහන්සේ නමක්ද ඇත.
වෙහෙස මහන්සිවී දුෂ්කර පරිසරයක රැකියා කරන ශ්‍රී ලාංකිකයින් හට මෙම ස්ථානයට පැමිණීමෙන්ම ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ විහාරස්ථානයකට ඇතුළුවන විට ඕනෑම බෞද්ධයකු හට දැනෙන අන්දමේ අසීමිත මානසික සුවයකි.
මෙවර පොසොන් පිංකම පැවැත්වූයේ 7 වැනි වතාවටය.ඒ සඳහා රෆා අපේ පන්සලේ දායක කාරකාදීහු සුවිශේෂී වැඩසටහන් රැසක්ම සංවිධානය කර තිබුණි.
එහි විශේෂ තැනක් ගත්තේ පොසොන් උත්සවය උදෙසාම ඉතාම කෙටි කාල සීමාවක් තුල නිර්මාණය කොට මහජන ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ මහා පහන් කූඩුවයි. මෙයට අමතරව දහසක් දෙනා වෙනුවෙන් ශ්‍රී ලාංකික ආහාර පාන ඇතුළත්වූ පොසොන් බත් දන්සලක් ද විය.
පොසොන් පොහෝ දින පිංකම සඳහා විශාල පිරිසක් සහභාගීවූහ. වැඩකටයුතු ආරම්භ වූයේ රෆා පන්සලේ බුද්ධ මන්දිරයේදී ගිලන්පස බුද්ධ පුජාවක් පැවැත්වීමෙනි. අනතුරුව පැමිණ සිටි සැම තිසරණ සහිත පංච ශීලය සමාදම්වී තෙරුවන් වන්දනා කළහ.
තම මව්බිමෙන් බොහෝ දුර බැහැර තමන්ට නුහුරු නුපුරුදු පරිසරයක රැකියා කරන ශ්‍රී ලාංකික සැමදෙනා හටම ඉමහත් අස්වැසිල්ලක් ගෙනදෙන කුටක කාන්තාරේ සුපිපුණ සුගන්ධිත පුෂ්පයක් වන් "රෆා අපේ පන්සල" බෞද්ධ මධ්‍යස්ථානය මෙලෙසින් පවත්වාගෙන යන්නේ ඉතාමත් අසීරු වාතාවරණයක් යටතේය. මෙවර පොසොන් පින්කමේ, පහන් කුඩු නිර්මාණයේ සහ දන්සලේ වැඩ කටයුතු සඳහා මෙන්ම බෞද්ධ මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සඳහාත් විවිධාකාරයෙන් තම අගනා කාලය, ශ්‍රමය සහ මිලමුදල් වැය කරමින් සහයෝගය දක්වන සියලුම දෙනාටත් පිංකම සඳහා සහභාගිවූ විශාල සැදැහැවතුන් පිරිසටත් සංවිධායකයෝ පුණ්‍යනුමෝදනා කළහ.
2025 නොවැම්බර් මස 04
370
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2165
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1642
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බහරේන් "අපේ පන්සලේ" පොසොන් පින්කම