(අජිත්ලාල් ශාන්ත උදය, වයි.ඒ.එස්.වීරවංශ, සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ)
පෞද්ගලික බස් රථයක් බලන්ගොඩ වැලිගෙපොළ ප්‍රධාන මාර්ගයේ දාමහන ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් අද(22) සිදු වූ අනතුරකින් හත්දෙනෙකු තුවාල ලබා ඇත.
තුවාල ලැබූ පිරිස අතර පාසල් සිසුන් තිදෙනෙකු, කාන්තාවන් තිදෙනෙකු සහ පිරිමි පුද්ගලයකුද වෙති.
ඔවුන් බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බවද ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
බලන්ගොඩ සිට යටිපස්ගමුව බලා ධාවනය වෙමින් තිබූ බස් රථය වැලිගෙපොළ සිට බලන්ගොඩට ධාවනය වෙමින් තිබූ ලොරි රථයේ ගැටී මාර්ගයෙන් ඉවතට පෙරළී අනතුර සිදුව ඇත.
බලන්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


(ඡායාරූප- අජිත්ලාල් ශාන්ත උදය සහ වයි.ඒ.එස්.වීරවංශ)
2025 දෙසැම්බර් මස 18
615
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
297
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1097
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බස් - ලොරි රථ අනතුරින් 7කට තුවාල