IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


බිසෝ බණ්ඩාරගම නිවාස 10 ජලයෙන් යටවේ

චාපා මධුභාෂිණී
මැදිරිගිරිය යාය 8 ඇල මාර්ගය පිටාර ගැලීම හේතුවෙන් 11 ව දින යාය 7, බිසෝ බණ්ඩාරගම ප්‍රදේශයේ නිවාස 10 ආසන්න ප්‍රමාණයක් ජලයෙන් යට විය.
ප්‍රදේශවාසී ජනතාව චෝදනා කර සිටින්නේ ගම්මානය හරහා ගලා යන අපවහන ඇල මාර්ගය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බවයි.
ප්‍රදේශවාසී ජනතාව එක්ව මේ පිළිබදව විටින්විට කවුඩුල්ල වාරි ඉන්ජිනේරු කාර්යාලයට දැනුවත් කිරීම් කළද මේ වන තුරුත් එයට නිසි පිළියමක් නොගෙනීම හේතුවෙන් සෑම මාස් කන්නයකම මෙලෙස ඔවුන්ගේ නිවාස ජලයෙන් යටවන බවට චෝදනා කර සිටියහ.
මේ දිනවල වාරි මාර්ග දෙපාර්තමේන්තුව විසින් මෙම අටේ ඇල මාර්ගය සුද්ද පවිත්‍ර කරනු ලබන අතර ඇල මාර්ගය දෙපස ඇති විශාල ගස්වල අතුකපා ඒවාද ඇල මාර්ගයටම දැමීම හේතුවෙන් අල මාර්ගයේ ජලය වැඩි වීමත් සමඟ ඒවා 8 ඇල පාලම අසල සිර වීමත් සමඟ ජලය විශාල ලෙස පිටාර ගැලූ බව ප්‍රදේශවාසී ජනතාව අප වෙත කියා සිටියහ.
ඇල මාර්ගය පිටාර යාමත් සමඟ ජලයෙන් යටවූ ප්‍රෙද්ශය බැලීමට පැමිණි කවුඩුල්ල වාරි ඉන්ජිනේරු කාර්යාලයේ නිළධාරීවරයෙකු ඒ අවස්ථාවේදී ප්‍රදේශවාසීන්ට චෝදනාවක් එල්ල කරමින් කියා සිටියේ මිනිසුන්ගේ අවිධිමත් ක්‍රියාකලාපයන් හේතුවෙන් මෙවැනි දෑ සිදු වන බවයි.
පසුව කවුඩුල්ල වාරි ඉන්ජිනේරු කාර්යාලයේ නිළධාරීන් සහ ප්‍රදේශවාසී න් එක්ව 8 ඇල පාලම අසල සිරවී තිබූ කුණු රොඩු සියල්ල ඉවත් කරන ලදි.



අදහස් (0)

බිසෝ බණ්ඩාරගම නිවාස 10 ජලයෙන් යටවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 656 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site