IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බූස්සේ උද්ඝෝෂණයක්


 
(එම්. සුසිල් ප්‍රියන්ත සහ ගාමිණී මහදුර)

සිය ගම්මානවලට සන්නිවේදන  තරංග (සිග්නල්) අවහිර කර  ඇතැයි කියමින් බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය අවට ගම්මාන 20ක පමණ ජනතාව අද (9) ගාලුපාරේ බූස්ස මංසන්ධියේ සිට උද්ඝෝෂණයක් පැවැත්වූහ.
                    
බූස්ස බන්ධනාගාරය අධි ආරක්ෂිත බන්ධනාගාරයක් කොට දිවයිනේ නමගිය සංවිධානාත්මක අපරාධකරුවන් එහි ගෙනවිත් දැමීමත් සමගම ඔවුනට දුරකතන භාවිතා කිරීම නතර කිරීමේ අරමුණින් සන්නිවේදන තරංග අවහිර කිරීම නිසා සිය ගම්මානවලට මේ තත්වය උදාවූ බව උද්ඝෝෂකයෝ පැවසූහ.
               
බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ සිට ගුවන් දුර සැතපුමක් ඇති ගම්මාන වලට මේ සන්නිවේදන තරංග අවහිරතාව බලපා ඇති බවද ඔවුහු පැවසූහ.
     
මේ නිසා බූස්ස, පිටිවැල්ල, ගිංතොට, කදූරුපේ, මලිදූව, ඇතුළු ගම්මාන 20කට පමණ මේ සන්නිවේදන  තරංග අවහිරතාව බලපා තිබෙන බව උද්ඝෝෂකයෝ පැවසූහ.
      
මේ තත්ත්වය නිසා කොවිඩ් වසංගතය නිසා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ තමන්ට නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමට නොහැකිවී ඇති බවත් තමන්ගේ දරුවන්ට අන්තර්ජාලය ඔස්සේ නිවසේ සිට අධ්යාවපන කටයුතු කරගෙන යාමට නොහැකි වී ඇති බවත් එමෙන්ම හදිසි දුරකථන පණිවිඩයක් ලැබීමට හෝ ලබා දීමට නොහැකිවී තිබෙන බවත් ඔවුහු කීහ.



අදහස් (0)

බූස්සේ උද්ඝෝෂණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 102 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 739 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 366 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site