රංජිත් කරුණාවීර
රන්දෙනිගල සිට හසලක කොළොන්ගොඩ දක්වා ගමන් කරමින් තිබූ පාසල් ලංගම බස් රථයක් අද (25) පාරෙන් ඉවතට පැන සිදුවූ අනතුරෙන් දරුවන් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
අනතුරින් බසයේ ගමන් ගත් පාසල් දරුවන් 11 ක් හා මගීන් 4 ක් තුවාල ලබා මොරයාය ග්‍රාමිය රෝහල හා මහියංගන මුලික රෝහල යන රෝහල් වෙත ඇතුළත් කර තිබේ.
අනතුරට ලක්වූ බස් රථය උඩුදුම්බර ඩිපෝවට අයත් බස් රථයකි. බස් රථයේ රියදුරු පවසන්නේ රෝදය දෙසින් ලොකු ශබ්දයක් පැමිණි බවත් එවිට බස් රථය පාලනය කර ගැනීමට නොහැකි වී මාර්ගයෙන් ඉවතට ගිය බවයි.
අනතුර සම්බන්ධයෙන් හසලක පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් පරීක්ෂණ පවත්වයි.


COMMENTS
ඉන්දියාවේ ප්‍රමාණයට හදපු බස් ලංකාවට ගෙනැල්ලා පාරේ අනතුරු වැඩියි. තවත් වාහනයකට යන්න අමාරුයි. ලංකාවේ පාරවල් වල ප්‍රමාණයට බස් හදන්න බැරිද? එහෙම නැත්නම් ලංකාව තුල හොඳ විදියට අලුත්වැඩියා කරන්න. ලංකවේ මිනිසුන්ට රස්සාවල් නැහැලු. කරන්න දේවල් ගොඩක් තියෙන එකේ රස්සාවල් නැති වෙන්නේ කොහොමද?