ඩී. ජී. සුගතපාල
ගෙවීම පැහැර හැරි සමිතියකින් ගත් ණය මුදලක් නැවත ලබා ගැනීමේ අරමුණින් 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි ළමයෙකු පැහැරගෙන ගිය බව කියන සැකකරුවන් තිදෙනෙකු සහ සැකකාරියක් දෙසැම්බර් 21 වන දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට උඩුගම මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පැහැරගෙන ගොස් ඇති ළමයා ගෝණදෙනියේ නැන්දා කෙනෙකුගේ නිවසේ නතරව සිට ඇත.
ඉකුත් 10වන දින නිවස ආසන්නයේ රැඳිසිටි පිරිසක් ඔහු ඔසවාගෙන යතුරු පැදියක නංවාගෙන සැකකාරියගේ නිවසට ගෙන ගොස් ඇත.
රාත්‍රි එකොළහයි තිහට පමණ එක් සැකකරුවෙකු ඔහු යතුරු පැදියක නංවාගෙන මගට ගෙනැවිත් දමා ඇති බවත් පෙලිසිය පවසයි.
පොලිස් පරික්ෂණවලදී අනාවරණය වි ඇත්තේ ළමයාගේ මව සහ තවත් කාන්තාවක් එක්ව එම ප්‍රදේශයේ කුඩා සමිතියකින් ලබාගත් ණය මුදලක් ගෙවීම පැහැර හැරීම නිසා එම ණය මුදල ලබා ගැනීමේ අරමුණින් මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවය.
උඩුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd