(රවින්ද්‍ර ලියනගේ)
වයස අවුරුදු අටක බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් කළ බව කියන 68 හැවිරිදි පුද්ගලයකු අද (1) අත් අඩංගුවට ගත් බව දංකොටුව පොලිසිය කියයි.
සැකකරුගේ නිවසට දැරිය පැමිණි අවස්ථාවේදී දැරිය රවටා ලිංගික අපයෝජනයක් සිදුකර ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැරිය මවට පවසා ඇති අතර පසුව දැරියගේ මව දංකොටුව පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු දැරියගේ නිවස ආසන්නයේම පදිංචි බවත් ඔහුගේ ළමයින් ද විවාහ වී දරුවන් සිටින බවත් පොලිසිය කියයි.
අපයෝජනයට ලක්වූ දැරිය වෛද්‍ය පරීක්ෂණ කටයුතු සඳහා මිගමුව මහ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.
COMMENTS
අපොයි දෙවියනේ රටකට ගිය කලක්. අවුරුදු 8ක දරුවෙක් කියන්නේ ජිවිතේ ගැන මොනවා තේරෙන ළමයෙක්ද ? නව නීති සකසා මේ පාපතරයින්ට උපරිම දඩුවම් ලබාදිය යුතුයි. ළමා අපචාර වලට රටේ පවතින නීති ප්‍රමාණවත් නෑ.