(දයාරත්න ඇඹෝගම)
බාලවයස්කාර සිය ඥාති දියණිය වසරකට අධික කාලයක් තිස්සේ අපයෝජනය කළ බව කියන 27 හැවිරිදි විවාහක පුද්ගලයකු හල්මිල්ලෑවේ දී අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ හල්මිල්ලෑව,ගිරානේගම,ගල්කිරියාගම පදිංචි පුද්ගලයෙකි.
අපයෝජනයට ලක්ව ඇති බව කියන මෙම බාලවයස්කාර දැරියගේ මව මීට වසර කිහිපයකට පෙර විදේශ ගතව ඇති බවත් ඇයගේ පියා මහනුවර ප්‍රදේශයේ රැකියාවක නිරත වන බවත් පොලිසිය කියයි.
දැරිය සිය බාප්පාගෙන් සිදුවන මෙම අතවරය ඉවසා ගත නොහැකිව සිද්ධිය පසුගිය දිනක සිය විදුහලේ ගුරුවරියකට පවසා තිබු අතර ඇය විසින් මේ සම්බන්ධයෙන් ළමා ආරක්ෂක අධිකාරියට දන්වා තිබේ.
ඒ අනුව එහි නිලධාරින්ගේ මැදිහත්වීම මත පොලිසිය මෙසේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd