(ඩි.ජී.සුගතපාල)
දොළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරිම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවකුට දකුණු පළාත් බද ගාල්ල මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.පී.එස් .නිස්සංක මහතා බරපතල වැඩ සහිත වසර හතක සිරදඬුවමක් සහ රුපියල් පහළොස් දහසක දඩයක් නියම කර වින්දිත දැරියට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමටද අද (6) නියෝග කළේය.
දඩය නොගෙවන්නේ නම් තවත් මාස හයක සිර දඬුවමක් ද වන්දිය නොගෙවන්නේ නම් තවත් මාස දොළහක සිර දඩුවමක්ද විත්තිකරුට නියම විය.
මෙසේ දඩුවම් නියම වූයේ නෙළුව ලේලවල පදිංචි 33 හැවිරිදි විත්තිකරුවකුටය.
නෙළුව පොලිස් වසමේ ලේලවලදි 2012 ජූනි 1වනදින සිට 2012 ජූනි 30 දක්වා කාලය තුල 12 හැවිරිදි පාසල් සිසුවියකට බරපතල ලිංගික අපයෝජනයක් සිදු කිරිම සම්බන්ධයෙන් විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබිණි.
විත්තිකරු සහ වින්දිත දැරිය අසල්වාසින් බවත් ඔවුන්ගේ අනෙකුත් සහෝදර සහෝදරියන් විත්තිකරුගේ නිවස පිටුපස සෙල්ලම් කරන අතරතුර විත්තිකරු සිය නිවස තුලදි මෙම අපරාධය සිදුකර ඇති බවත් නඩු විභාගයේදි අනාවරණය විය.
රජයේ අධි නිතිඥ පත්මාල් විරසිංහද සිල්වා මහතා විසින් පැමිණිල්ල මෙහෙයවන ලදී.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
249
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බාලවයස්කාර දැරියට අතවර කළ අයෙක්ට සිරදඬුවම්