(දෙනියාය විශේෂ එස් .ඩි .කොඩිකාර)
බලපත්‍ර රහිතව ගිනි සපු ප්‍රවාහනය කළ ට්‍රක් රථයක් සහ උණ ගස් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථයක් අද (24) අත්අඩංගුවට ගත් බව කොස්මෝදර පොලිසිය පවසයි .
ගිනි සපු ප්‍රවාහනය කළ ට්‍රක් රථය කොටපොල, බටේබැද්ද ප්‍රදේශයේ සිට අකුරැස්ස ප්‍රදේශයේ ලී මෝලක් කරා ප්‍රවාහනය කරමින් සිටියදී ගිනි සපු කඳන් 11 ක් සමග ඕන පොලිස් විශේෂ කාර්යය බලකා කදවුර ආසන්නයේ දී අත්අඩංගුවට ගෙන ඇත .ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට වඩා අධික බව පොලීසිය පවසන අතර එහි රියදුරු පිටබැද්දර ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි .
උණගස් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථය ගල්දොල ප්‍රදේශයේ සිට බෙංගමුව ප්‍රදේශය දක්වා ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.එහි රියදුරු (29) හැවිරිදි බෙංගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි අද (24) ක්‍රියාත්මක වූ විශේෂ අපරාධ හා රථවාහන මෙහෙයුමේ දී මොවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව කොස්මෝදර පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන අමරරත්න මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර ජායාරූපයෙන් දැක්වෙන්නේ අත්අඩංගුවට ගන්නා ලද ගිණි සපු ට්‍රක් රථය සහ උණ ගස් ප්‍රවාහනය කළ කුඩා ලොරි රථය පොලිස් නිලධාරීන් පරික්ෂා කරන අයුරුයි.

2025 දෙසැම්බර් මස 04
470
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
465
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
416
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බලපත්‍ර රහිතව දැව ප්‍රවාහනය කළ ලොරි රථයක් අත්අඩංගුවට