(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බලපත්‍ර රහිතව බෝර 12 තුවක්කුවක් ළඟ තබාගත් අයෙකු අද(13) සැකපිට අත්අඩංගුවට ගත් බව මීරිගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හල්පේ කහටගොල්ලවත්ත නැමති ඉඩමක මුරකරුවූ 39 හැවිරිදි දෙදරු පියෙකි.
සැකකරු වසර අටක පමණ කාලයක සිට රබර් ඉඩමක මුරකරුවකු ලෙස සේවය කර ඇතැයිද හෙළි වී තිබේ.
සැකකරු බෝර 12 තුවක්කුව හා උණ්ඩ සපයාගෙන දඩයමේ යෙදී ඇති බවට පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබේ. දඩයම වැරදී නරියෙකුට වෙඩි වැදී ඇති අතර, ඉන් අනතුරුව මෙම ගිනි අවිය පිළිබඳව පොලිස් විශේෂ කාර්යාංශයට තොරතුරු ලැබීමෙන් පසු නිලධාරීන් මෙම වැටලීම කර තිබේ.
මීරිගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 30
49
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
716
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
340
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බලපත්‍ර රහිතව තුවක්කුවක් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට