වයඹ නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් අද (08) සල්ලියම්පිඩ්ඩි මුහුදු ප්‍රදේශයේ කළ මුර සංචාරයකදී වලංගු ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක් නාවික හමුදා භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට පත් ධීවරයෝ කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 43 සහ 28 වන වියෙහි පසුවන්නෝ වෙති.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත භාර දී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd