(චන්දන ප්‍රනාන්දු)

බලපත්‍ර නොමැතිව ප්‍රවාහනය කරමින් තිබූ තේක්ක කඳන් තොගයක් කොළඹ හලාවත මාර්ගයේ අංගම්පිටියේ දී අද (8) සොයා ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි.

බෝලවත්ත ප්‍රදේශයේ නිවසක සිට වයික්කාලේ පිහිටි ලී මෝලකට මෙම තේක්ක කඳන් රැගෙන යමින් තිබූ බවට තොරතුරු හෙළි වී තිබේ.                                                                                           

මෙම තේක්ක ගස් කැපීමට හෝ ප්‍රවාහනයට බලපත් ගෙන නොතිබූ බවත් නීතිවිරෝධීව තේක්ක කඳන් ප්‍රවාහනය කරමින් සිටි වයික්කාලේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක්ව සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

රුපියල් ලක්ෂයකට වඩා අධික මෙම තේක්ක කඳන් හා ලොරි රථය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.