රොහාන් කුමාර
බලපත් නොමැතිව නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කළ කොස් දැව සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව කෑගල්ල දිසා අඩවි වන නිලධාරී කාර්යාලය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලෝරි රථයේ රියදුරා සහ සහයක ලොරිය සමඟ එහි තිබූ රුපියල් 67,500 වටිනා කොස් කදන් බවද වන නිලධාරීන් පැවසීය.
කෑගල්ල අඩවි වන නිලධාරී කාර්යාලයට ලද තොරතුරකට අනුව දම්පැල්ගොඩදී මෙම සැකකරුවන් සමඟ දැව හා ලොරිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් සහ භාණ්ඩ කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd