IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බලපත්‍ර උල්ලංඝනය කරමින් මී ගවයින් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට

(නයනජිව බණ්ඩාර)

බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින්, සත්ව හිංසාව ඇතිවන පරිදි මී ගවයින් ප්‍රවාහනය කළ පුද්ගලයින් සිව්දෙනෙකු ලොරිරථ දෙකක් ද සමග අද(30) මොණරාගල හුලංදාව පොලිස් මාර්ග බාධකයේදි අත්අඩංගුවටගත් බව මොණරාගල පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු අම්පාර දමන වරිපතන්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් අනෙක් සැකකරුවන් බුත්තල, වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් අනාවරණය වී තිබේ.

මෙම මී ගවයින් 29දෙනා බුත්තල ඹක්කමිපිටිය ප්‍රදේශයේ සිට අම්පාර කල්මුනේ ප්‍රදේශය දක්වා රැගෙන යමින් සිටියදි පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

පොලිසිය පවසන්නේ සැකකරුවන් විසින් ලොරිරථ දෙකෙහි රැගෙන යා හැකි සතුන් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් රැගෙනයාම නිසා මී ගවයෙකු තුවාල ලබා ඇති බවයි.

බුත්තල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බුත්තල පශු වෛද්‍ය ලේකම් කාර්යාල මගින් මෙම මී ගවයින් ප්‍රවාහනය සදහා සැකකරුවන්ට බලපත්‍ර ලබාදි ඇත්තේ සතුන් අභිජනනය සඳහා බවත් එය සැකකටයුතු බවත් නිසි විමර්ශනයකින් සොයාබැලීමකින් තොරව මෙසේ මී ගවයින් හා එළ ගවයින් ප්‍රවාහනයට බලපත්‍ර ලබාදීම අපරාධයක් බවත් පොලිසිය කියයි.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු කලින් ගවමස් කඩයක හිමිකරුවෙකු බවද අනාවරණය වී ඇත.

මොණරාගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දික ගමගේ මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මෙම වැටලීමට එක්ව සිටියහ.

සැකකරුවන් හෙට(01) මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බලපත්‍ර උල්ලංඝනය කරමින් මී ගවයින් ප්‍රවාහනය කළ 4ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site