IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බලන්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු 9 වැනිදා තෙක් රිමාන්ඩ්

( ප්‍රින්ස් රත්නායක)

බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී ටී56 ජීව උණ්ඩ සහ පාර්ලිමේන්තුවේ පිවිසුම් මාර්ග සැළැස්මත්, ජංගම දුරකථන හා සිම්පත් තබාගත් සැකකරු අද (27) බලන්ගොඩ දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 9 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බලන්ගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.

24 වැනිදා  බලන්ගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු 25 වැනිදා බලන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැය 48 ක් රඳවා ප්‍රශ්න කිරීමට පොලීසියට අවසරදී ඇත.

ඒ අනුව අද (27) බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

27 හැවිරිදි නිසාර්ඩීන් නිස්ලාර් නැමති මොහු කොළඹ අරලියගහ මන්දිරය අසල ඉන්දියන් එලායන්ස් හෝටලයේ සේවය කරන්නෙකු බවත් 16 වැනිදා සිය නිවසට පැමිණ ඇති කැබ්රියෙහි  අඟල් 4 ක තට්ටුවක් සකසා තිබූ බවද අනාවරණය වී ඇත.

සැකකරුගේ නිවසේ  අල්මාරියේ තිබී ජීව උණ්ඩ, ජංගම දුරකථන 03 ක් සිමි කාඩ්පත් 9 ක්, පාර්ලිමේන්තුවේ ඇතුළත සැළැස්මක් හා පර්ලිමේන්තුවට ඇතුල්වීමේ අවසර පත් 06 ක් තිබී ඇති අතර ඉකුත් 24 වැනිදා  සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.



අදහස් (0)

බලන්ගොඩදී අත්අඩංගුවට ගත් සැකකරු 9 වැනිදා තෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site