(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බුලත්සිංහල පරගොඩ කිතුලගොඩ ප්‍රදේශයේ නිවසකදී අද (09) තියුණු ආයුධයකින් ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කෝට්ටේගොඩ විද්‍යාලයේ ලාල් හෙවත් කුඩු ලාල් නැමැති 36 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
ඝාතනයට ලක් වූ පුද්ගලයා ගෙල පෙදෙසින් ලේ වැගිරෙණ තුවාල සහිතව ඇද ඇතිරිල්ලක් ඒ මත ඔතාගෙන නිවසේ සිට මීටර් 200 ක් පමණ දුරින් පිහිටි ප්‍රධාන මාර්ගයට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
පසුව මෙම පුද්ගලයා මාර්ගයේ ගමන් ගත් ත්‍රී රෝද රථයක් නවතා බුලත්සිංහල රෝහලට ගොස් ඇති අතර සුලු වේලාවකට පසු මොහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම පුද්ගලයා ඔහුගේ වැඩිමහල් සහෝදරයා සමඟ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙකු සමඟ ආරවුලක් ඇති කරගෙන ඇතැයි පොලිස් නිලධාරියෙකු පැවැසීය.
මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ආරවුලක් ඇතිකරගත් පුද්ගලයා සමඟ මොහු අවමංගල්‍ය නිවසකට ගොස් නිවසට පැමිණෙමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
492
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
469
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බුලත්සිංහලදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කරලා