(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බෝර 12 වර්ගයේ විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සමඟ 19 හැවිරිදි තරුණයෙකු පයාගල මැහිමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවසකදී අද (02) අත්අඩංගුවට ගත් බව කලුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකාර තරුණයා සතුව ගිනි අවියක් තිබෙන බවට කලුතර කොට්ඨාස අපරාධ අංශයට ලැබුණු තොරතුරක් අනුම සැකකරුගේ නිවස වටලා අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී නිවසේ සඟවා තිබූ ගිනි අවිය සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.
සැකකාර තරුණයා කිසිඳු අපරාධයකට සෘජුව සම්බන්ධ වී නැති බවට මූලික විමර්ශන වලදී හෙළි වූවද ඔහු යම් යම් අපරාධකරුවන්ට මෙම ගිනි අවිය කුලියට හෝ හිතවත් කමට ලබා දුන්නාද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව එම පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.