(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බොරලැස්ගමුව පෙරහර වත්ත ජයන්ති පෙදෙස ප්‍රදේශයේදී මිතුරන් තිදෙනෙකු අතර හෙරොයින් මත්කුඩු සම්බන්ධයෙන් අද (30) ඇති වූ බහින් බස් වීමකින් අනතුරුව එක් අයෙකු අනෙකාට පිහියෙන් ඇන ඝාතනය කර ඇතැයි බොරලැස්ගමුව පොලිසිය කියයි.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ පෙරහර වත්ත ජයන්ති පෙදෙස පදිංචිව සිටි ලියාපදිංචි අපරාධකරුවෙකු වූ ජනක සුසන්ත පෙරේරා නැමැති 38 හැවිරිදි දෙදරු පියෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් බොරලැස්ගමුව පෙරහර කහටගහවත්ත පදිංචි 62 හැවිරිදි ත්‍රී රෝද රථ රියදුරෙකු ඝාතනයට යොදා ගත් උල් පිහියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඝාතනයට ලක්වූ පුද්ගලයාට අත්අඩංගුවට ගත් සැකකරු මත්කුඩු පැකට්ටුවක් රැගෙන ඒම සඳහා රුපියල් 1100 ලබා දී තිබූ බවත් පැය කිහිපයක් ගත වුවත් මත්කුඩු පැකට්ටුව මියගිය පුද්ගලයා රැගෙන නොඒම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සැකකරු මියගිය පුද්ගලයාගේ නිවස ආසන්නයට ගිය අවස්ථාවේ ඔවුන් දෙදෙනා අතර බහින් බස්වීමක් ඇති වී ඇති බවත් පොලිසිය කියයි.
පසුව ලබාදුන් මුදල් ආපසු ලබා දෙන ලෙස සැකකරු මියගිය පුද්ගලයාගෙන් ඉල්ලා ඇතැයි පොලිසිය කියයි.
එහිදී දෙදෙනා අතර බහින් බස්වීමක් සිදු වී මියගිය අය අත දරාගෙන සිටි පොල් උලකින් සැකකරුට පහරක් එල්ල කිරීමත් සමඟ ඉනෙහි සඟවා ගෙන සිටි උල් පිහියකින් සැකකරු මිය ගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශයට එකවරම ඇන ඇතිබව පොලිසිය සිදුකළ විමර්ශනයේදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
80
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
138
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
938
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බොරලැස්ගමුවේදී පිහි ඇනුමකින් අයෙක් මරුට