IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


බිරිය මරා සැමියාත් දිවි නසා ගනී

(චාපා මධුභාෂිණී සහ කරුණාරත්න ගමගේ)

 

මැදිරිගිරිය රත්මල්යාය ප්‍රදේශයේ අඹුසැමියන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් බිරිඳට පිහියෙන් ඇන ඝාතනය කර සැමියාත් වස පානය කර මිය ගොස් ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ රත්මල්යාය, කහඹිලියාව, පදිංචි මංජුලා කුමාරි නමැති 42 හැවිරිදි කාන්තාවකි.

මෙම අඹුසැමියන් දෙදෙනා අතර දින දෙකක් පමණ ආරවුලක් පැවති ඇති අතර පසුව එම කාන්තාව අසල්වාසී නිවසක රාත්‍රිය ගතකර අද (20) උදෑසන නිවසින් එළියට පැමිණි අවස්ථාවේ දී සැමියා විසින් පිහියෙන් ඇන ඇය ඝාතනය කර ඇතැයි පොලිසිය කළ මූලික පරික්ෂණවලදී අනාවරණය වී ඇත.

සිද්ධිය සිදු වූ අවස්ථාවේදී බරපතල තුවාල ලැබූ කාන්තාව මැදිරිගිරිය මූලික රෝහලට රැගෙන යන අවස්ථාවේදී ඇය මිය ගොස් තිබේ.

පසුව ඝාතනය සිදු කළ ඇගේ ස්වාමියා ද නිවසේ සිට කිලෝමීටරයක් පමණ දුරින් ඇති කහඹිලියාව ඔයෙන් එගොඩ වෙල්යායකට ගොස් වස පානය කර සියදිවි හානිකර ගෙන ඇතැයි පොලිසිය කියයි.

එලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ දියසෙන්පුර පදිංචි ඩී.බී.ජි කරුණාරත්න නමැති 47 හැවිරිදි පුද්ගලයෙකි.



අදහස් (1)

බිරිය මරා සැමියාත් දිවි නසා ගනී

janaka Tuesday, 20 August 2019 05:25 AM

දරුවෝ දෙන්නා පව් ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 203 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2076 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1591 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site