( එච්. චන්දන )
මොල්ලිකුලම රක්ෂිතයෙන් කපා ප්‍රවාහනය කරමින් තිබූ ලක්ෂ 04 ක් පමණ වටිනා බුරුත කඳන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනකු අද( 26 ) අලුයම අත් අඩංගුවට ගත් බව මඩුපාර අඩවි වන කාර්යාලය කියයි.
එම කාර්යාලයට ලැබුණු තොරතුරක් මත අද අලුයම මන්නාරම මාන්කුලම වේලන්කුලම ප්‍රදේශයේ මාර්ගය රැකවල්ලා සිටි වන නිලධාරින්ට දහයියා උර පටවා ගෙන ආ කැන්ටර් ලොරි රථයක් පරීක්ෂා කිරීමේදී එහි තිබු විශාල බුරුත කඳන් 19 ක් සොයා ගැනීමට හැකි විය.
එම බුරුත කඳන් යාපනය ප්‍රදේශයට රැගෙන යමින් තිබු බව තොරතුරු අනාවරණය වු බවද වනජීවී කාර්යාලය සඳහන් කරයි.
සැකකරුවන් මන්නාරම අධිකරණයට ඉදරිපත් කිරීමට නියමිතය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.