රොමේෂ් මධුෂංඛ
මුලතිව් ඔඩ්ඩුසුඩාන් ආරමුගම් මහවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් 11 දෙනෙකුට හා ගුරුවරයකුට බඹරුන් දෂ්ඨ කිරීම හේතුවෙන් රෝහල් ගත කළ බව විදුහල්පති පවසයි.
ආරුමුගම් විදුහලේ දෙවැනි මහලේ බැඳ තිබූ බඹර වදයක් පැවති අධික සුළං තත්වය හේතුවෙන් කඩා වැටීමත් සමඟ පාසලේ සිටි සිසුන් බඹර ප්‍රහාරයන්ට ගොදුරු වී ඇති අතර බඹර ප්‍රහාරය එල්ලවීමත් සමඟ සිසුන් අතර නොසන්සුන්තාවයක් ද ඇති වී තිබෙන අතරම එම අවස්ථාවේදී පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් එක්ව පාසල් ළමයින් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර ඇති අතර ළමුන් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන අවස්ථාවේදී එක් ගුරුවරයකු බඹර ප්‍රහාරයට ලක්වී ඇත.
බඹර ප්‍රහාරයයට ලක් වූ පාසල් සිසුන් හා ගුරුවරයා ඔඩ්ඩුසුඩාන් රෝහලට ඇතුළත් කර ඇති අතර පාසල් ළමුන්ගේ සහ ගුරුවරයාගේ තත්වය බරපතල නොවන බවටද ඔඩ්ඩුසුඩාන් රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
2025 නොවැම්බර් මස 04
381
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2168
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1647
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බඹර ප්‍රහාරයෙන් පාසල් සිසුන් 11 ක් රෝහලට