IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


බඹර ප්‍රහාරයට ලක් වු පාසල් ගුරුවරිය රෝහලේ

(සිතුම් චතුරංග)

වවුනියාව ඊරට්ටපෙරියකුලම් පැරකුම් විද්‍යාලයේ ගුරුවරියක් බඹර ප්‍රහාරයකට ලක් වී අද (03)  වව්නියාව රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම සිදුවීම මුල් කරගනිමින් අද (03) පාසල වසා දැමීමට විදුහල් පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

මෙලස බඹරු දෂ්ඨ කිරීමෙන් රෝහල්ගත කර ඇත්තේ  එස්. විනෝදා නැමති යාපනය ප‍්‍රදේශයේ පදිංචි ගුරුවරියකි.

විද්‍යාලයේ  තෙමහල් ගොඩනැගිල්ලේ වහලෙහි තිබු  බඹරකූඩුවෙහි  කොටසක් අද(03) උදෑසන කඩා වැටී ඇති අතර විදුහල පුරා උදෑසන බඹරුන් සැරිසරමින් සිටි බව ගුරුවරු පවසති.

පාසලේ අධ්‍යාපනකටයුතු ආරම්භ කොට තිබියදී බඹරකූඩුව ඇවිස්සී ඇති අතර බඹරුන් හේතුවෙන් ගුරුවරුන්ට හෝ පාසල් සිසින්ට විද්‍යාල භූමියෙන් පිටතට පැමිණීමට නොහැකි තත්වයක් උදාවී තිබූ අතර එහිදී සිසුන්ගේ ආරක්ෂාව සඳහා සිසුන් නිවෙස් යෑවීමට ගුරුවරුන් විසින් කටයුතු කළේය.

පැරකුම් විද්‍යාලයේ බඹරුන් ඇවිස්සී ඇති බවට අදාල අංශ වෙත දැණුම්දී පැය ගණනක් යනතුරු කිසිදු බලධාරියකු නොපැමිණි බවද විදුහලේ මාපියෝ පවසති.

විදුහල අසල මාර්ගයේ ගමන් කිරීමට පැමිණි ප‍්‍රදේශවාසීන් කිහිපදෙනකුටම බඹරුන් දෂ්ඨ කළ බවද ඔවුහු වැඩිදුරටත් පැවසීය.
බඹර කූඩු හේතුවෙන් පසුගිය මාර්තු 29 වැනිදා ද මෙම පාසල වසාදැමීමට සිදුවූ අතර එහිදී පැවති වාර විභාගයද  අවලංගු කෙරිණ.

වවුනියාව අධ්‍යාපන කාර්යාල ප‍්‍රකාශකයකු සඳහන් කර සිටියේ බඹරකූඩු සම්බන්ධයෙන් මේ වන විට අදාල අංශ දැනුවත් කර ඇති අතර එය ඉවත් කරන්නේ කවදාද යන්න මෙතෙක් නිශ්චිතව කිව නොහැකි බවයි.



අදහස් (0)

බඹර ප්‍රහාරයට ලක් වු පාසල් ගුරුවරිය රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 106 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site