(නිශාන්ත කුමාර)
පස්සර පිටමාරුව රෝබේරිය වතුයායේ පිහිටි කුඩා ලෝකාන්තය නැරඹීමට පැමිණි පිරිසකට අද (13) දහවල් බඹර ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් තුවාල ලැබූ නවදෙනෙකු අතරින් කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පස්දෙනෙකු මැටිගහතැන්න දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි මඩොල්සිම පොලීසිය පවසයි.
මෙලෙස රෝහල් ගත කර ඇත්තේ කොළඹ, වත්තල, කඳාන හා ඒ අවට ප්‍රදේශවල සිට ලෝකාන්තය නැරඹීමට පැමිණි අවුරුදු 20-30 වයස්වල පසුවන තරුණ පිරිසකි.
පැමිණි පිරිසේ 9දෙනෙකු බඹර ප්‍රහාරයට ලක් ව ඇති අතර ඉන් තුවාල ලැබූ කාන්තාවන් තිදෙනෙකු හා පිරිමි දෙදෙනෙකු රෝහල්ගත කර ඇති අතර සෙසු පිරිසට රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාදී ඇත.
බඹරුන් ඇවිස්සීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නැතත් එම ප්‍රදේශයේ ගස්වල ඇති බඹර කූඩුවකට උකුස්සෙකු පහර දීමෙන් මෙම ප්‍රහාරය එල්ලවන්නට ඇති බවට තමුන් සැකකරන බව එම අවස්ථාවේ එහි සිටි වතු කම්කරුවෝ පිරිසක් පැවසූහ.
මීට සති දෙකකට පමණ පෙරද පිටමාරුව කුඩා ලෝකාන්තය නෑ නැරඹීමට පැමිණි පිරිසකට මේ අයුරින්ම බඹර ප්‍රහාරයකට ලක්ව රෝහල් ගත වී ප්‍රතිකාර ලබන්නට සිදුවිය.
සිද්ධිය සම්බන්ධයෙන් මඩොල්සිම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බඹර ප්‍රහාරයකින් 5ක් රෝහලේ