IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බඹර ප්‍රහාරයකින් ළමුන් තිදෙනෙකුට තුවාල

(ඡායාරූප හා සටහන - මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

මස්කෙළිය, සාමිමලේ, ස්ට්‍රැත්ස්පී තේ වතුයායේ, කොමරි කොටසේ දී පාසල් වයසේ පිරිමි ළමයින් තිදෙනෙකුට අද (04) පෙ.ව. 09.00 ට පමණ බඹරු දෂ්ඨ කිරීම නිසා අසාධ්‍ය තත්වයෙන් මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.

අවුරුදු 16 හා 11 වයස් සීමාවල පසුවන මෙම ළමයින් තිදෙනා අද උදෑසන දර කැඩීමට ගිය අවස්ථාවේ ගලක බැඳ තිබූ විශාල බඹර කූඩුවක් ඇවිස්සී ඔවුන්ට පහර දී ඇති බව රෝහල් ගත කර සිටින මෙම ළමයින්ගේ දෙමව්පියෝ පැවසූහ.
අසාධ්‍ය තත්වයෙන් පසුවූ තම ළමයින් ත්‍රිරෝද රථයකින් කිලෝ මීටර් 08 ක් පමණ දුර මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත රැගෙන ආ බව රෝහල් ගත කර සිටින ළමයින්ගේ දෙමව්පියෝ පැවසූහ.

නේවාසිකව ප්‍රතිකාර ලබන මෙම ළමයින් තිදෙනාට කඩිනමින් අවශ්‍ය ප්‍රතිකාර තබා දුන් බවත්, ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් මස්කෙළිය රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ලියැදිපිටිය මහතා පැවසීය.



අදහස් (0)

බඹර ප්‍රහාරයකින් ළමුන් තිදෙනෙකුට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 49 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 716 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 340 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site