
(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ වත්තේ තේ දළු නෙලමින් සිටි පිරිසකට අද (19) බඹර ප්‍රහාරයක් එල්ල වීමෙන් වතුකම්කරු කාන්තාවන් 10 දෙනකු තුවාල ලබා හපුතලේ පංකැටිය දිසා රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය කියයි.
වත්තේ තේ ගස් යට බැඳ තිබූ බඹර වද කිහිපයක් ඇවිස්සීමෙන් එහි තේ දළු නෙලමින් සිටි සේවකයින් පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ල වී තිබේ.
මේ පිලිබඳ තොරතුරු ලද විගස ගිලන්රථ සේවයෙන් තුවාලකරුවන් හපුතලේ දිසා රෝහලට රැගෙනවිත් තිබේ.
අවුරුදු 40 ,60 අතර වයසේ පසුවන වතුකම්කරු කාන්තාවන් පිරිසක් මෙසේ බඹරු දෂ්ඨ කිරීමෙන් තුවාල ලබා ඇති බව පොලිසිය කියයි.
හපුතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd