IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බඹරු ඇනීමෙක් තිදරු මවක් ජීවිතක්ෂයට

රංජිත් රාජපක්ෂ

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (25) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පවසයි.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතු යායේ පදිංචි අම්බිගා මලර් නැමති (48) හැවිරිදි තිදරු මවකි.

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය තේ වත්තේ තේ දළු නෙලමින් සිටියදි ගසක් මත බැද තිබු බඹර කුඩුවක බඹර වදයක් කඩා ගැනිමට උකුස්සෙකු පහර දිම නිසා බඹර කුඩුව කැඩි තේ ගස් මතට වැටිම හේතුවෙන් බඹරුන් ඇවිස්සි තමන්ට පහර දුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින වතු කම්කරුවෝ කියා සිටියහ.

ඇවිස්සුණු බඹරුන් තවත් පිරිසකට පහර දිම නිසා ඔහුන් බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා තේ වත්තේම වැටි සිටින බවත්, ඔහුන් මුදා ගැනිමට මේ වන විට හැටන් පොලිසියේ නිලධාරින් සහ වතු කම්කරුවන් දැඩි උත්සහයක නිරත වි සිටියි.

බඹර ප්‍රහාරයෙන් දැඩි ලෙස තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් හය දෙනෙකු සහ වතු කම්කරුවන් දෙදෙනෙකු දික්ඔය මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති බවද දික්ඔය මුලික රෝහලේ වෛද්‍යයවරු පැවසූහ.



අදහස් (0)

බඹරු ඇනීමෙක් තිදරු මවක් ජීවිතක්ෂයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 118 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 751 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 371 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site