(ඔගස්ටින් ප්‍රනාන්දු)
නිවසෙහි බිම වැටී අසාධ්‍ය තත්වයට පත්ව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය කාන්තාවකගේ මරණය ගෙල සිර කිරීමකින් වූවක් බව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි වී ඇතැයි මාරාවිල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ නාත්තණ්ඩිය තබ්බෝව දුන්කන්නාව ප්‍රදේශයේ විසූ 61 හැවිරිදි එක්දරු මවක වන මුතුකුඩ ආරච්චිගේ රුක්මණි දේවි මල්ලිකා නමැති අයයි.
ඇය තනිවම දිය නිවසෙහි වාසය කර ඇති අතර ඊයේ (28) ඇගේ පුතු ඇගේ සුව දුක් බැලීමට පැමිණි අවස්ථාවේ දී ඇය බිම වැටි අසාධ්‍යය තත්ත්වයක පසුවු බැවින් වහාම ඇයව මාරාවිල රෝහලට ඇතුළත් කර ඇත. එහිදී ඇය මිය ගොස් ඇත.
ඒ සම්බන්ධ මරණ පරීක්ෂණ කටයුතු මරණ පරීක්ෂිකා ශ්‍රියානි වලිසිංහ මහත්මිය විසින් සිදු කෙරිණි.
පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. එච්. ජේ. එන්. කුලරත්න මහතා වාර්තා කළේ මෙම මරණය ගෙල සිරකිරීමෙන් සිදුවු බවයි.
ඉන් පසු මෙම සිද්ධිය සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අද(29) මාරාවිල රෝහලේ දී පැවැත්වේ.
මාරාවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 04
299
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
415
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
393
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිම වැටීමෙන් සිදු වූ මරණය ඝාතනයක්