(උපාලි ආනන්ද)
බස් රථය බීමත්ව පැදවීමේ චෝදනාවක් සම්බන්ධයෙන් පදවිය පොලිසියේ රථ වාහන අංශය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බස්රථ රියදුරෙකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත‍්‍රාත් මාලින්ද හර්ෂණ ද අල්විස් මහතා එම සැකකාර රියදුරාගේ රියදුරු බලපත්‍රය තහනම් කිරීමට අද (30) නියෝග කළේය.
සැකකාර රියදුරාට මුදලින් රුපියල් 25000 ක දඩයක්ද මහේස්ත‍්‍රාත්වරයා නියම කරනු ලැබීය.
මෙසේ දඩුවම් නියම වූයේ පදවිය පරාක්‍රමපුර විජය මාවතේ පදිංචි බී.දුමින්ද සංජීව බාලසූරිය නැමැති පුද්ගලයෙකි.
වැලිඔය ජනකපුර සිට අනුරාධපුරය දක්වා මගීන් රැගෙන බීමත්ව බස් රථය ධාවනය කරමින් සිටියදී සැකකරු පදවිය නගරයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ අවංක හදපිරි ප්‍රශංසාව ගරු අධිකරණය වෙත පිරි නමන්නෙමු. මෙය ලංකාවේ සියලුම " නිවට බේබදු රියදුරන්ට " හොද පාඩමකි. සියලුම අධිකරණවලින් බිමත් රියදුරන්ට උපරිමයෙන් දඩුවම් ලබා දිය යුතුයි.