(ක.ග. කරුණාරත්න)
බීමතින් කළහකාරීව හැසිරී පොලිස් නිලධාරීන් පිරිසකට පහරදුන් බව කියන සිව්දෙනෙකු අද(21) මින්නේරිය පොලිස් වසමට අයත් ගිරිතලේ පුරාණගමදී අත්අඩංගුවට ගත් බව මින්නේරිය පොලිසිය කියයි.
සැකකරුවන් අතර හමුදා සෙබළෙකු වන බවද, ඔවුන් ගිරිතලේ පුරාණගම පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
මෙම පිරිස බීමත්ව කළහකාරීව හැසිරෙන බවට 119 පොලිස් හදිසි ඇමතුම් ඒකකයට පැමිණිල්ලක් ලැබී තිබිණි. ඒ අනුව විමර්ශනය කිරීමට එහි ගිය පොලිස් නිලධාරීන්ට මෙම පිරිස පහර දී ඇත.
පහරදීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයකු හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කර ඇත.
සැකකරුවන් අද(21) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මින්නේරිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd