(නිශාන්ත කුමාර)
අධික ලෙස බීමත්ව පැමිණ තම දරුවා තමුන්ට පහර දෙන බව පවසමින් දෙමාපියන් විසින් පොලිසියට සිදු කරන ලද පැමිණිල්ලක් මත කන්දකැටිය ගෝඩුන්න ප්‍රදේශයේ පුද්ගලයකු අද (16) අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්දකැටිය ගෝඩුන්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 40ක පුද්ගලයෙකි.
ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව තිබී ගෝඩා බෝතලයක් ද හමුවූ බව පොලිසිය පවසයි.
දිනපතාම බීමත්ව පැමිණෙන මෙම පුද්ගලයා දෙමව්පියන්ට පහර දෙනු ලබන අතර ඔහු විසින් පියාගේ අතක් කපා තුවාල සිදුකර ඇතැයි ද පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු පස්සර මහේස්ත්‍රාත් හමුවට පැමිණිවීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd