(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
පිහියකින් ඇන සිය බාප්පාට බරපතල කැපීම් තුවාල සිදු කළ සැකකාර පුතෙකු අගෝස්තු (20) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් එම්. එම්. රෆික් මහතා අද (18) දා නියෝග කළේය.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග ලද්දේ බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ පදිංචි දහනව හැවිරිදි තරුණයකි.
කිතුල් මල් මදින තියුණු පිහියකින් මෙම ඇනුම කර ඇති බව පොලිසිය කියයි.
බලන්ගොඩ වලේබොඩ කොවුල්කැටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා පහරකෑමට ලක්ව තුවාල ලබා ඇති අතර, ඔහු දැනට බලන්ගොඩ මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බාප්පාට පිහියෙන් ඇන්න පුතා රිමාන්ඩ්