(දයාරත්න ඇඹෝගම)
හිටපු බන්ධනාගාර නියාමකවරයෙකු අද(14) සීප්පුකුලමේදී මත්කුඩු සමග අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලේකැලේ එළිමහන් සිර කඳවුරේ සේවය කර වැඩ තහනමට ලක්ව ඇති 32 හැවිරිදි බන්ධනාගාර නියාමකවරයෙකි. ඔහු සිප්පුකුලම නෙකටුනුවැව පදිංචිකරුවෙකි.
මොහු සතුව තිබී ග්‍රෑම් 1.085ක මත්කුඩු ප්‍රමාණයක් පොලිසිය බාරයට ගෙන ඇත.
සැකකරු අද (14)දි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් මිහින්තලය පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd