(නිශාන්ත කුමාර)
මහ වැස්සෙන් ආපදාවට ලක්වූ ප්‍රදේශවල සිටින, අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වන සිසුන් විභාග මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට අද(03) සිට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂක ඊ.එම්. එල් උදය කුමාර මහතා පැවසීය.
විභාගයට පෙනී සිටින පාසැල් දරුවන්ව නිවෙස් කරා රැගෙන යාමටද මෙහිදී ක්‍රියාකෙරෙන අතර, විභාගයට මුහුණ දෙන කාල සීමාව තුළ ඔවුන් රැකබලා ගැනීම සඳහා ද වැඩපිළිවෙළක් සකස් කර ඇතැයි ද හෙතෙම කියා සිටියේය.
වැසි සහිත කාලගුණික තත්වය අවසන් වන තුරුම මෙම කටයුතු අඛණ්ඩව කිරීමට අදාළ ආයතන සහ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබාදී ඇතැයි ද උදය කුමාර මහතා වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd