IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බැතිමතුන්ගෙන් මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

(දිලීප් ජයසේකර)

කතරගම පුජා භූමියේ දී දැලි පිහි යොදාගෙන බැතිමතුන්ගේ සාක්කු හා බෑග් කපා සල්ලි සොරකම් කළ අපරාධකරුවෙකු හා ඔහුගේ ගෝලයකු කතරගම පුජා භුමියේදී අද (14) තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කතරගම නවනගරයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු හා ඔහුගේ ගෝලයකු වන කතරගම ගාමිණිපුර පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරුවන් දෙදෙනා කතරගම වන්දනාවේ පැමිණන බැතිමතුන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවලට ගොස් දැලි පිහි ආධාරයෙන් බැතිමතුන්ගේ සාක්කු හා බෑග් කපා මුදල් පසුම්බි සොරාගෙන පලා ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා සතුව තිබී දැලි පිහි දෙකක් හා හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 1400ක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කතරගම පොලීසියට බාරදී ඇත.

ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

බැතිමතුන්ගෙන් මුදල් කොල්ල කෑ දෙදෙනෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 65 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site