(ප්‍රසන්න පත්මසිරි)
ඇල්ල - බණ්ඩාරවෙල මාර්ගයේ අම්පිටිය හන්දියේදි නාවික හමුදා ලොරි රථයක් සහ වෑන් රථයක් ගැටීමෙන් වූ අනතුරකින් අද(20) තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන බව පොලිසිය කියයි.
හිල්ඔය ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකු වෑන් රථයකින් බණ්ඩාරවෙල දෙසට ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.
අනතුරින් තුවාල ලැබූ තිදෙනා බණ්ඩාරවෙල රෝහලට ඇතුළත් කර තිබේ.
බණ්ඩාරවෙල පොලිසියි පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd