(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපතිවරයා හැර උප නගරාධිපතිවරයා ඇතුලු නාගරික මන්ත‍්‍රීවරුන් නව දෙනාම අද (25) පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධනත්වයෙන් බණ්ඩාරවෙල නගරයේ පැවති ජන රැළියේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වූහ.
පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීන කණ්ඩායම අංක 01 යටතේ තරග කළ ස්වාධීන කණ්ඩායම බණ්ඩාරවෙල මහ නගර සභාවේ බහු ආසන දෙකත් සමඟ කොට්ඨාස අටම ජයග‍්‍රහණය කරමින් මන්ත‍්‍රීවරුන් දස දෙනෙකු නගර සභාවට තේරී පත්වෙමින් බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය හිමිකර ගනු ලැබිණි.
මෙම ස්වාධීන මන්ත‍්‍රීවරුන් දස දෙනාගෙන් බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා හැර අනෙක් සියලුම නාගරික මන්ත‍්‍රීවරුන් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමඳහා එම පක්ෂයට එක්වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිං මේ ස්වාධින කණ්ඩායම විදියට තරඟ කරේ පොහොට්ටුවේ කණ්ඩායම තමයි. ඒ අය ආයෙ අමුතුවෙන් ගෝඨාබය මහතාට සහය දෙන්න යනවා කියලා එකක් නැහැ. ඇත්තටම බැලුවොත් වෙලා තියෙන්නේ පොහොට්ටුවේ බණ්ඩාරවෙල නගරාධිපති ගෝඨාභයගේ රැස්වීමට නොයාම.