(ප්‍රසාද් රුක්මල්)
ගිරාදුරුකෝට්ට ගල්පෝරුයායේ ට්‍රැක්ටර් රථ රියදුරකුගෙන් බැංකු කාඩ්පතක් සොරාගෙන ටෙලර් යන්ත්‍රයකින් රුපියල් 95,000 ක් වංචනික ලෙස ලබාගත් තරුණයකු සහ කාන්තාවක අද (4) අත්අඩංගුවට ගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිරාදුරුකෝට්ට පදිංචි 25 හැවිරිදි මස්සිනා සහ ගිරාදුරුකෝට්ට නවනගරයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකි.
මෙම ට්‍රැක්ටර් රථ රියදුරු සහ ඔහුගේ අක්කා විවාහ වූ මස්සිනා එකම නිවසේ පදිංචිව සිටින බවත්, මීට මාස කීපයකට ඉහතදී ට්‍රැක්ටර් රථ රියදුරු ඔහුගේ ට්‍රැක්ටර් රථයක් විකුණා ලබාගත් රුපියල් 450,000 ක් රාජ්‍ය බැංකුව තැන්පත් කර තිබෙන බවද පොලිසිය පවසයි.
පසුව විටින් විට මොහු ගිණුමෙන් මුදල් ලබාගෙන ඇති බවත්, අවසන් වශයෙන් ගිණුමේ රුපියල් 96,000 ක මුදලක් තිබී ඇතැයි පොලිසිය කීය.
පසුව මොහු බැංකු ටෙලර් කාඩ්පත සමඟ එහි රහස් අංකය ඇතුළත් ලිපිය නිවසෙහි අල්මාරියේ තබා කුඹුරට ගිය අතරතුරේ මොහුගේ ගිණුමෙන් මුදල් රුපියල් 95000ක් ලබා ගත් බවට ජංගම දුරකථනයට කෙටි පණිවුඩ දෙකක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ගිරාදුරුකෝට්ට පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
පසුව සැකකරුගෙන් හෙළි කරගත් තොරතුරු අනුව සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.
2025 දෙසැම්බර් මස 18
243
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
176
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බැංකු කාඩ්පතකින් මුදල් සොරා ගත් තරුණයකු ඇතුළු කතක් අත්අඩංගුවට