(එච්. චන්දන)
පොළව ඇතුළත පරීක්ෂා කිරීමේ යන්ත්‍රයක් දළුව කරඹ වත්තක තිබී සොයා ගත් බව පුත්තලම පොලිස් අධිකාරී කාර්යාලයේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
එම ඒකකයට ලැබුණු තොරතුරක් මත අද (1) අලුයම මෝල වත්ත පරීක්ෂා කිරීමේදී සොයා ගැනීමට හැකිවී තිබේ.
මෙය යුද හමුදාව හා විශේෂ කාර්ය බළකා නිළධාරීන් පොළව ඇතුළත බෝම්බ හා ලෝහ වර්ග ඇද්දැයි සොයා බැලීමට භාවිතා කරන බව වැටලීම සිදු කළ පොලිස් නිළධාරින් සදහන් කරයි.
රීදී පොළව ඇතුළත ඇද්දැයි පරීක්ෂා කිරීමට යම් හඬවල් හා දත්ත පෙන්වන බවත් මෙය කුමන අරමුණකින් කවුරුන් විසින් ගෙන ආවේදැයි යන්න පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මෙය ජපන් රටේ නිෂ්පාදිත අලුත්ම ඩිජිටල් දත්ත ලබාදෙන උපකරණයක් වේ. සිද්ධිය සම්බන්ධව දැනට එම වතු හිමියා හා තවත් පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd