IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පිළියන්දල ඇගළුම් සේවකයන් පිරිසක් නිවෙස් වෙත

(ශාන්ත ප්‍රදීප්  කුමාර කුලරත්න)

ඇඳිරිනීතිය හේතුවෙන් පිළියන්දල හැඩිගම ප්‍රදේශයේ ඇගළුම් කම්හලක සිරවී සිටි සේවක සේවිකාවන් 35 දෙනෙකු අද (29) දා ගම්බිම් කරා පිටත් කර යැවීමට පියවර ගත්බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

වැල්ලවාය , මොනරාගල , අම්පාර , මහනුවර සහ මාතර යන ප්‍රදේශවලට මෙම පිරිස පිටත් කර යැවූ බව එම කාර්යාලය සඳහන් කළේය.

ඇඳිරි නීතිය දැමූ අවස්ථාවේ මෙම පිරිස අදාළ කර්මාන්ත ශාලාවේ සේවය කරමින් සිට ඇති අතර ඒ හේතුවෙන් ඔවුන්ට ගම්බිම් කරා ගමන්  කිරීමට නොහැකි වී තිබේ.

මේ හේතුවෙන් දින 10 ට ආසන්න කාලයක් මෙම සේවක සේවිකාවන් අදාළ කර්මාන්ත ශාලාවේ නේවාසිකාගාරයක රැඳී සිට ඇති අතර ඒ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය දැනුවත් කිරීමත් සමඟ  මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පැමිණ ස්ථානීය පරීක්ෂණයක් සිදු කොට ඔවුන් මෙසේ ගම්බිම් කරා යැවීමට අවශ්‍ය නීතිමය හා සෞඛ්‍ය උපදේශන සේවා සලස්වා දුන් බව කැස්බෑව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

නීතිමය හා සෞඛ්‍යය උපදේශන සේවා සිදුකර අදාළ පිරිසගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිටත් කර යැවීමට පියවර ගත් බවත් මේ පිළිබඳ සඳහන් සහතිකයක් ලබාදීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්  පියවර ගත් බවත් එම කාර්යාලය වැඩිදුරටත් සඳහන් කළේය.
 



අදහස් (0)

පිළියන්දල ඇගළුම් සේවකයන් පිරිසක් නිවෙස් වෙත

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site