IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පොළොන්නරුවේ සුළඟින් 70 කට පීඩා

(ක.ග. කරුණාරත්න)

මැදිරිගිරිය සහ හිඟුරක්ගොඩ යන ප්‍රාදේශීය කොට්ඨාසවල පිහිටි ගම්මාන 2කට අයත් නිවාස 18කට ඊයේ (11) පස්වරු 4.45ට පමණ හමාගිය තද සුළං තත්වයක් නිසා හානි සිදුවී ඇතැයි පොළොන්නරුව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියයි.  

මැදිරිගිරිය, වෙඩිකච්චිය ග්‍රාම නිලධාරි වසමේ පිහිටි නිවාස 17කට සහ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අංක 31 සිංහගම ග්‍රාම නිලධාරි වසමේ එක් නිවෙසකටද මෙම හානි සිදුව තිබේ. 
මැදිරිගිරිය, වෙඩිකච්චිය ගම්මානයේ සිදුවූ නිවාස හානිවලදී එක් නිවැසියෙකු තුවාල ලබා තිබෙන බවද දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය.  එම ඒකකයේ සහකාර අධ්‍යක්ෂ උපුල් නානායක්කාර මහතා ප්‍රකාශ කළේ ටොනාඩෝ සුළං තත්වයක් පැවැතීම නිසා පෙරේදා (10) සවස මෙම නිවාස හානි සිදුව තිබෙන බවයි. 
සියලුම නිවාසවලට සිදුවී ඇත්තේ අර්ධහානි බවද ඔහු කීය. මෙම නිවාස හානි හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් සංඛ්‍යාව 70 කි. 



අදහස් (0)

පොළොන්නරුවේ සුළඟින් 70 කට පීඩා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site