(ඩබ්. ඒ. පියතිලක)
පොලොන්නරුව- කදුරුවෙල -හිගුරක්ගොඩ ජනාකිර්ණ ප‍්‍රදේශවල පිහිටි ප‍්‍රාදේශිය සභා බල ප‍්‍රදේශවල රාජ්‍ය ආයතන සහ නගරවල වැසිකිලි පද්ධති තුළ මළ අපද්‍රව්‍ය ප‍්‍රාදේශිය බැහැර නොකරිම හේතුවෙන් පිටාර ගැලිමෙන් දැඩි දුඟදක් හමන බව එම ප‍්‍රදේශවල පදිංචි ජනතාව කියති.
දැනට මාස කිහිපයක සිට මෙම ප‍්‍රදේශවල පොදු වැසිකිලි ඇතුළු අනිකුත් ස්ථානයන්හි මළ අපද්‍රව්‍ය බැහැර කිරීම් ආදාළ ප‍්‍රාදේශිය සහා විසින් සිදු නොකිරීම පිළිබඳ ජනතාව ප‍්‍රාදේශිය සභාවලට පැමිණිලි කළද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැතිකම මත මුඑ පොලොන්නරුවේ සෑම නගරයකම මළ අපද්‍රව්‍ය සහිත ස්ථාන පිටාර ගලා දුගඳ හමන බව ජනතාව පවසති.
මේ පිළිබද හිගුරක්ගොඩ ප‍්‍රාදේශිය සභාවේ ලේකම් එන්. පී. කේ. රඹුක්කනගේ මහත්මියගෙන් විමසා සිටි අවස්ථාවේ ඇය කියා සිටියේ මළ අපද්‍රව්‍ය බැහැර කළේ කවුඩුල්ල ජාතික උද්‍යානයේ ස්ථානයකට බවත් ඉකුත් ඔක්තෝබර් සිට එම ස්ථානයට මළ අපද්‍රව්‍ය එහි නොදමන ලෙස කවුඩුල්ල වනජිවි කාර්යාලය දැනුම් දුන් බවත්ය.
ඇය මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට ලිඛිතව හා වාචිකව දැනුම් දුන් බවත් මේ වනතුරු විසඳුමක් නොලැබුණු බවත් කියා සිටියාය.
මේ පිළිබඳ තමන්කඩුව ප‍්‍රාදේශිය සභාවේ ලේකම් ආර්. ඒ. හේමකාන්ති මහත්මිය කියා සිටියේ මෙම ප‍්‍රදේශයේ මළ අපද්‍රව්‍ය මින් පෙර බැහැර කළේ ගල්ලෑල්ලේ නෙළුම් වැව පිහිටි පිළිසරු ව්‍යාපෘති භුමියේ නමුත් දැන් එහි ජනතාවගේ දැඩි විරෝධය මත එම ස්ථානයට අපද්‍රව්‍ය බැහැර නොකරන බවත්ය. පසුව හිගුරක්ගොඩ ප‍්‍රාදේශිය සභාවට කවුඩුල්ල ජාතික උද්‍යානයෙන් ස්ථානයක් ලබාදී තිබූ නමුත් වනජීවිය එය තහනම් කළ බවත්ය.


2025 දෙසැම්බර් මස 30
40
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
710
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
337
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පොළොන්නරුවේ වැසිකිළි උතුරයි